දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි

දිවයින පුරා අහස වලාකුලින් බරව පවතී.

 

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු-මැද,නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මන්නාරම සිට කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි ද ඇතිවිය හැක.

 

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ දෙසින් හමන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (10-30) පමණ වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.40 පමණ දක්වා වැඩි විය හැක.

 

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තරමක් රළු විය හැක.

views

686 Views

Comments

arrow-up