JUL
25
‘ඩෙල්ටා’ ආසාදනය වූ 11 හැවිරිදි දරුවෙක් පළමුවරට බේරුවලින්

පළමුවරට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය වැළඳුන 11 හැවිරිදි පාසල් සිසුවෙක් හඳුනාගත් බව බේරුවල ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අර්.ජේ. සිංහබාහු මහතා සඳහන් කළේය.
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ හිරිගල්ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම පාසැල් සිසුවා මේ වනවිට ගාල්ල රජයේ රෝහලකට ඇතුලත් කර වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදුකරන බව බේරුවල ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා සඳහන් වැඩිදුරටත් පැවසුවේය.
784 Views
Comments