පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බවට සහතිකයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
09

පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බවට සහතිකයක්

පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන බවට සහතිකයක්

සමාගම් විසින් තිරිගු පිටි මිල ඉහළ නොදැමීමට එකඟතාව පළ කිරීම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදුනොවන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

එක් සමාගමක් විසින් පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 18.00 කින් ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට සිදුවන බවට බේකරි හිමියන්ගේ සංගමය පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.

 

පාරිභෝගික අධිකාරියේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ දැමීමට ක්‍රියාකිරීම නිසා එම සමාගමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සුදානම් කර තිබු බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේය.

 

කෙසේවුවත් අදාළ සමාගමේ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡා වලින් පසු පිටි මිල වැඩි කිරීමක් සිදුනොකරන බවට එහි නියෝජිතයින් විසින් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට අද (09) දිනයේ දැනුම් දී තිබේ.
 

එමෙන්ම අනෙක් සමාගම විසින් ද මේ දක්වා පිටි මිල ඉහළ දැමීමක් සිදුකර නොමැති බව අමාත්‍යාංශය පෙන්වාදෙයි.

views

768 Views

Comments

arrow-up