"ඉදිරියේදී රට සාගතයකට යා හැකියි" - විපක්ෂ නායක අනතුරු අඟවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

"ඉදිරියේදී රට සාගතයකට යා හැකියි" - විපක්ෂ නායක අනතුරු අඟවයි

"ඉදිරියේදී රට සාගතයකට යා හැකියි" - විපක්ෂ නායක අනතුරු අඟවයි

රජය කාබනික පොහොර සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දුව හේතුවෙන් ඉදිරියේදී රට සාගතයක් දෙසට ගමන්කල හැකි බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනතුරු අඟවනවා.

 

විපක්ෂ නායකවරයා මේ අදහස් පලකළේ, අද(02) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවති  ”‍විපක්ෂයෙන් හුස්මක්”‍ වැඩසටහනට එක්වෙමින්.

 

එම වැඩසටහනට සමගාමීව කොවිඩ් - 19 හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සැලසීම සඳහා රුපියල් 2,365,000 වටිනා රෝහල් උපකරණ පුත්තලම මූලික රෝහල වෙත පරිත්‍යාග කිරීමද අද සිදුකෙරුණා.

 

වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායකවරයා,

 

“පොහොර අර්බුදය තුළ මොකක් ද සිද්ධ වෙන්නේ.ගොවියාට ගොවි බිමට පොහොර ටික ලැබෙන්නේ නැති කොට ගොවියාගේ නිෂ්පාදනය පහළ වැටෙනවා. ගොවියාගේ නිෂ්පාදනය පහළ වැටෙන කොට අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය පළුදු වෙනවා.

ආණ්ඩුව කියනවා ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් පිටරටින් ආහාර ගෙන්වන්නම් කියලා.

ඇත්තටම මේ ආණ්ඩුවට පිටරටින් ආහාර ගෙන්වන්න මුදල් නෑ. එතකොට සාගතයක් නිර්මාණය වෙනවා.

මහජනතාව මහපාරේ ඇදගෙන වැටෙන්න පුළුවන්, ඒ සිදුවන ආහාර හිඟය තුළ.

කාබනික පොහොර කරා යෑම වසර ගණනාවක් පුරා ක්‍රමිකව ක්‍රියාත්මක කරන්න සැලසුම හදන්න.

නිකරුණේ මේ රටේ ජනතාව මරණ මංචකයට ඇද දමන්න එපා කියලා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.“

views

800 Views

Comments

arrow-up