එපා කියද්දී බස්නාහිරින් පිට ගිය අයට වෙන දේ

ආරක්ෂක අංශ දැනුම්දීම් වලට අවනත නොවී බස්නාහිර පළාතෙන් වෙනත් ප්‍රදේශවලට පැමිණි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමට පොලිසිය මේ වනවිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
බස්නාහිර පළාතෙන් බැහැර ලැගුම්හල්, හෝටල් සහ නවාතැන් ආශ්‍රිතව මෙම මෙහෙයුම් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
මෙහිදි කිසියම් අයෙකු නිරෝධායන නීති කඩ කර ඇති බවට තහවුරු වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලීිසිය මගහැර බස්නාහිර පළාතෙන් පිටත් වූ පුද්ගලයින් යළි පැමිණිමේදී ඔවුන් පරීක්ෂා කිරීම සඳහා ද විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවයි.
එමෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය කඩකරමින් සංචරණයන් සිදුකරන ඕනෑම පුද්ගලයෙකු පෙර දැනුම්දීමකින් තොරව අත්අඩංගුවට ගන්නා බවයි ඔහු කියා සිටියේ.
බස්නාහිර පළාතටම බල පැවැත්වෙන පරිදි ඊයේ මධ්‍යම රාත්‍රි 12 සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. එය ලබන සඳුදා උදෑසන 5 ට ඉවත් කිරීමට නියමිතයි.
618 Views
Comments