අන්තර් පළාත් බස් ධාවනය සඳහා අවසර නොලැබේ

කොවිඩ් කමිටුවේ තීරණයට අනුව අන්තර් පළාත් බස් රථ ධාවනය සඳහා අවසර ලබාදීමට තවදුරටත් හැකියාවක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඒ කොවිඩ් කමිටුවේ තීරණයට අනුවයි.
හෙට(28) සිට අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට පළාත් අතර බස් රථ කිහිපයක් පමණක් ධාවනය කරවීමට සැලසුම් කර තිබුණි.
කෙසේවෙතත් යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් පසු එම තීරණය කල් දැමීමට තීරණය කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.
783 Views
Comments