AUG
18
ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝළි පෙරහැර අදයි

මහනුවර ශ්‍රී දළඳා මාළිඟාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝළි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරේ.
පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ජනතා සහභාගීත්වයෙන් තොරව මෙවර නුවර ඇසළ පෙරහර වීධි සංචාරය කරයි.
ජනතා සහභාගීත්වයෙන් තොරව සිදු වුවද සියලු කටයුතු අංග සම්පූර්ණ ලෙස සිදු කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කරයි.
797 Views
Comments