“රත්වත්තේ ඇතුළු පිරිසක් සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් ලැබී නෑ” - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසක් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වෙත බීමත්ව ගොස් කලහකාරී ලෙස හැසුරුණේ යැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් එම බන්ධනාගාර පිහිටි ප්‍රදේශවල පොලිස් ස්ථානවලට අද(15) පෙරවරුව දක්වා කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසා සිටියේය.
මෙම සිදුවීම් දෙක සම්බන්ධව එම පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී ඇතැයිද යන්න පිළිබඳව අද පෙරවරුවේ පරික්ෂා කළ බවත් ඇතැම්විට අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වූ පසු අදාල බන්ධනාගාරවල බලධාරීන් පැමිණිලි කිරීමට ඉඩ ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීවේය.
759 Views
Comments