තවත් 346 කට සුවයි - සුවය ලැබූ සමස්තය 17,000 ඉක්මවයි

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 346 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 17 002 දක්වා ඉහළ යනු ඇති.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5877 ක්. ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 487 දෙනෙකු වාර්තා වුණා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 22 දහස් 988 ක්.
මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර පවතින්නේ 19 දහස් 450 ක් ලෙසයි. මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 498 ක්.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 109 ක් වාර්තා වී තිබෙනවා.
628 Views
Comments