අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
09

අද කාලගුණය

අද කාලගුණය

අද (09) දින දිවයිනේ උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එසේ ම සබරගමුව පළාතේ හා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

 

අද (09) දින දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

views

174 Views

Comments

arrow-up