රන්ජන්ට ලබන සතියේ නිදහස
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

රන්ජන්ට ලබන සතියේ නිදහස

රන්ජන්ට ලබන සතියේ නිදහස

සිර දඬුවම් විඳින ප්‍රවීණ රංගන ශිල්පී රංජන් රාමනායක ජනපතිවරයාගේ පොදු සමාව යටතේ ලබන සතියේ නිදහස් කෙරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවැසීය.

 

රන්ජන් පිළිබඳ සියලු‍ නිර්දේශ වාර්තා තමා ජනාධිපතිවරයාට බාරදී අවසන් බවද හෙතෙම සඳහන් කළේය.

 

මේ අතර වරද සම්බන්ධයෙන් සමාව ගැනීමේ ලියවිල්ලකටද රංජන් රාමනායක පසුගියදා අත්සන් කර තිබේ.

 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රන්ජන් රාමනායකාට වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරනු ලැබීය.

 

ඒ 2021 වර්ෂයේ ජනවාරි 12 වැනිදායි.

 

මේ අනුව ඔහු වසර දෙකකට ආසන්න කාලයක් මේ වනවිට සිර දඬුවම් විඳ ඇත.

 

රන්ජන් රාමනායක ජනපති පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පසුගිය කාලයේදී රජයෙන් ඉල්ලා සිටියහ.

views

228 Views

Comments

arrow-up