විදෙස් රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ 28 හැවිරිදි කතක් අත්අඩංගුවට

සයිප්‍රස් රාජ්‍යයේ රැකියා සදහා පිටත් කර හරින බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 60 ක මුදලක් තරුණයන් දස දෙනෙකුගෙන් ලබාගෙන වංචා කළ විදේශ රැකියා නියෝජිතවරියක් අද උදෑසන අල්ලා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ.
අදාල නියෝජිතවරිය මෙම තරුණයින් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙන්වා එහි අතරමං කර ගුවන් තොටුපොළ පිටුපස දොරටුවකින් පළා යමින් සිටියදී ගැනීමට සමත්ව ඇත.
ඇය හලාවත කලුගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවකි.
ඇය මෙම තරුණයන්ට ගුවන් යානා ප්‍රවේශ පත්‍ර සහ වීසා බලපත්‍ර ලබා දී තමා පැමිණෙන තෙක් ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රැදී සිටින ලෙස උපදෙස් දී ඇත.
මෙම පිරිස ගුවන් ගත වීමට නියමිත ගුවන් යානය උදෑසන 10.30 ට පිටත් වීමට නියමිතව තිබූණි.
ඊට පෙර ඇය උදෑසන 08.45 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මොවුන්ගේ වීසා බලපත්‍ර සහ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර සියල්ල එකතු කර ගෙන ගුවන් තොටුපොළ තුළට ඇතුළු වී තිබේ.
ඉන්පසු ගුවන් තොටුපොළ තුළට ඇතුළු වී ඇය ගුවන් තොටුපොළ පිටුපස දොරටුවකින් පළා යමින් සිටියදී අල්ලා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත රැගෙන ගොස් භාර දී තිබේ.
මෙම කාන්තාව තවත් 15 දෙනෙකුගෙන් ද මේ ආකාරයට සයිප්‍රස් රාජ්‍යයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වී මුදල් ලබා ගෙන ඇති බවට ද අනාවරණය වී ඇත.
මෙම රැකියා නියෝජිතවරිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා ජා – ඇළ පොලිසිය වෙත රැගෙන ගොස් භාර දීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබේ.
199 Views
Comments