පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරීවරයා නිරෝධායනයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරීවරයා නිරෝධායනයට

පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරීවරයා නිරෝධායනයට

පාර්ලිමේන්තු සංකීර්ණයේ ද සේවය සඳහා මේ දිනවල කැඳවා ඇත්තේ ඉතාම අඩු පිරිසක් බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එහි සේවයේ නියතු මුළු පිරිස 950කට ආසන්නයි.

 


කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සහ නියෝජ්‍ය මහ ලෙක්ම්වරයා ඇතුළු නිලධාරීන් 20කට ආසන්න පිරිසක් පමණක් ඊයේ (11) එහි සේවයට කැඳවා සිටියා. සහන මිලට ආහාර සපයන පාර්ලිමේන්තුවේ ආපන ශාලා ද මෙතෙක් විවෘත කර නැහැ. 

 


මේ අතර පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මේ වන විට නිරෝධායනයට ලක්ව සිටිනවා. ඔහු ඉකුත් මාර්තු මස 06 වැනිදා පෞද්ගලික සංචාරයක් සඳහා සිය බිරිද සමග නවසීලන්තයට ගොස් ඇති අතර පසුව ඉකුත් මාර්තු 15 වැනිදා ඕස්ටේ‍්‍රලියාවට සංචාරය කර ඇති බවයි නෙත් නිවුස් වෙත් වාර්තා වුණේ.

 


පෙරේදා (10) ඕස්ටේ‍්‍රලියාවේ සිට පැමිණී ශී‍්‍ර ලංකන් විශේෂ ගුවන් යානයෙන් ඔහු යළි මව්බිමට පැමිණ තිබෙනවා. ඒ අනුවයි ඔහු නිරෝධායනයට ලක්ව සිටින්නේ. පෞද්ගලික හෝටලයක පෞද්ගලික වියදමින් පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරීවරයා මෙලෙස නිරෝධායනයට ලක්ව සිටින බව ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 
 

 

views

688 Views

Comments

arrow-up