ඉන්ධන සංචිත ගැන බලශක්තිය ඇමතිගෙන් ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

ඉන්ධන සංචිත ගැන බලශක්තිය ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉන්ධන සංචිත ගැන බලශක්තිය ඇමතිගෙන් ප්‍රකාශයක්

රට පුරා දැඩි ඩීසල් හිඟයක් පවතින වාතාවරණයක මේ වෙනවිට මෙරටට පැමිණ ඇති ඩීසල් නෞකාවක ඩීසල් තොග ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

 

ට්විටර් පණිවිඩයක් හරහා සංස්ථාව සතු ඉන්ධන තොග පිළිබඳව ඔහු නිවේදනය කර ඇති අතර ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 18,825ක්, සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 42ක්, ඔක් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33,498ක් හා ඔක් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13,067ක් මෙන්ම ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 386ක්ද මේ වන විට පවතිනවා.

 

 

views

755 Views

Comments

arrow-up