ගුරුවරයාගේ උදලු‍ පහරින් තෘණ බුදිමින් සිටි ගැබ්බර මී ගවයා එතැනම මරුට - පහරදීමෙන් ගර්භාෂයේ සිටි පැටවාත් එලියට ඇවිත්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
11

ගුරුවරයාගේ උදලු‍ පහරින් තෘණ බුදිමින් සිටි ගැබ්බර මී ගවයා එතැනම මරුට - පහරදීමෙන් ගර්භාෂයේ සිටි පැටවාත් එලියට ඇවිත්

ගුරුවරයාගේ උදලු‍ පහරින් තෘණ බුදිමින් සිටි ගැබ්බර මී ගවයා එතැනම මරුට - පහරදීමෙන් ගර්භාෂයේ සිටි පැටවාත් එලියට ඇවිත්

මාතර, පාලටුව, පෝද්දුව කුඹුරු යායෙහි තෘණ කමින් සිටි ගැබ්බර මී ගවයෙකුට එම ප්‍රදේශයේම පාසල් ගුරුවරයෙකු අමානුෂික ලෙස උදැල්ලෙන් පහරදීමෙන් එම මී ගවයා එම ස්ථානයේම මරණයට පත්ව තිබේ. 

 

තමාගේ කුඹුරට නිතර ගවයින් පැමිණීම සම්බන්ධයෙන් උරනව සිටි බව කියන මෙම 55 හැවිරිදි ගුරුවරයා පසුගිය 08 වනදා සවස කුඹුරට ගිය අවස්ථාවේ මෙම ගවයා සිටිනු දැක ඇති අතර එවිට මෙලෙස පහරදීමක් සිදුකර තිබේ. 

 

මෙම කුඹුරු යායම ගොයම් කපා තිබුණු අතර කිසිදු වගා හානියක් සිදුවන්නට වගාවක් නොතිබුනද තෘණ කමින් සිටි මී ගවයා මෙලෙස දැඩි ලෙස පහරකෑමට ලක්ව කුඹුරෙහි අසල පිහිටි ජලය බැස යන කානුවෙහි අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබේ. 

 

මෙම ගුරුවරයා පාලටුව පැරකුම් ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික වරයාද වන අතර පහරදීම හේතුවෙන් ගවයාගේ ගර්භාෂයේ සිටි ගව පැටවා ගව මවගේ ශරීරයෙන් පිටතට විසිව පැටවාද මරණයටපත්ව තිබේ. 

 

සිද්ධිය සම්බන්ධව මාතර පොලිසිය වෙත ගවයාගේ අයිතිකරු වන යූ. චන්ද්‍රසේන යන අය විසින් පැමිණිල්ලක් කර තිබේ.

 

අදාල ස්ථානයට අදාළ පශු වෛද්‍යවරයාද පැමිණ ගවයා පහරකෑම නිසා මරණයට පත්ව ඇති බවත් ශරීරයේ පහරදීමේන් සිදුවූ තුවාල පවතින බවත් අනාවරණය කරගෙන තිබේ. 

 

සැකකාර ගුරුවරයා නීතිඥයකු මාර්ගයෙන් පොලිසිය වෙත ඉදිරිපත්ව ඇති අතර එහිදී රුපියල් ලක්ෂයක මුදලක් පැමිණිලිකාර පාර්ශ්වය වෙත අලාභය වශයෙන් ලබාදීමට තමා කැමැති බවත් සමාදාන වීමට එකඟවන ලෙස ප‍්‍රකාශ කර තිබේ. 

 

නමුත් ගවයාගේ අයිතිකරු විසින් ගැබ්බර මී ගවයකු ඒ වෙනුවෙන් ඉල්ලා සිටී.

 

ගවයාගේ අයිතිකරු ගව ගාලක් පවත්වාගෙන යමින් කිරි නිෂ්පාදනය කරන්නෙකු මෙන්ම කෘෂි කාර්මික කටයුතු වල නිරතවන්නෙකි. 

 

සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

views

1144 Views

Comments

arrow-up