කොරෝනා එන්නත ලබා ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවත් දින තුනක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත ලබාදීම සිදු වූ අතර මෙතෙක් එන්නත ලබා නොගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත ලබා ගැනීම සඳහා ලබන සතිය තුළ තවත් දින 3ක් ලබා දී තිබෙනවා.
නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ දී මේ මස 23, 24 සහ 25 යන දිනවලදී උදෑසන 08.30 සිට මධ්‍යහන 12.00 දක්වා ස්වෙච්ඡාවෙන් පැමිණ එන්නත ලබාගත හැකියි.
පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීම සඳහා ලබන සතිය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් කොළඹට පැමිණීමට නියමිත අතර හේතුවෙන් එම දිනයන් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා.
670 Views
Comments