පාසල් පෙමක් ගිනිගනී - සිසුන් දෙදෙනෙක් පිහි පහරින් රෝහලට

පෙම් සබඳතාවයක් හේතුවෙන් මාතලේ ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් දෙදෙනෙකු පිහි පහරකට ලක්ව තුවාල ලබා රෝහල්ගර ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
පිහියෙන් ඇනූ බව කියන පාසල් සිසුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිසුන් දෙදෙනාගේ බෙල්ලට සහ හිස ප්‍රදේශයට බරපතල තුවාල සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
පාසල් සිසුවියකගේ ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම පිහි ඇනුම සිදුවි ඇති බවට මුලික පොලිස් පරික්ෂවලදි අනාවරණයවී ඇත.
සැකකාර පාසල් සිසුවා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
721 Views
Comments