ගසට නැග සෙල්ෆිය ගහද්දී ගඟට වැටී අතුරුදන්වූ දරුවාගේ මළ සිරුර හමුවෙයි

කලාවැවෙන් ජලය ගලා යන ජය ගඟෙන් පෙරේදා (07) සවස දිය නෑමට ගොස් ගං ඉවුරේ පිහිටි ගසකට නැග ජංගම දුරකථනයෙන් “සෙල්ෆි ඡායාරූපයක්” ලබා ගැනීමටගිය අවස්ථාවේ ගසෙන් ගඟට ඇදවැටී අතුරුදන්ව සිටි දහතුන් හැවිරිදි පිරිමි ළමයෙකුගේ මළ සිරුර ඊයේ(08) පෙරවරුවේ ඉපලෝගම පොලිසියේ ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ජීවිතාරක්ෂක කණ්ඩායමක් විසින් සොයා ගැනුණි.
ඉපලෝගම, පුංචිකුලම, ජයගඟ පාරේ පදිංචිව සිටි කේ. එම්. නිදේෂ් සත්සර නමැති පිරිමි දරුවෙකු මෙලෙස දියේ ගිලී මියගොස් ඇත.
අනතුරුව ඉපලෝගම පොලිසිය ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ සහය ඇතිව කලා වැවෙන් ජය ගඟට ජලය මුදා හරින සොරොව්වේ දොරවල් වසාදමා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්වල සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව අතුරුදන් වූ පිරිමි ළමයාගේ සිරුර සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළද ඔහුගේ සිරුර සොයා ගැනීමට නොහැකි වුණි.
පසුව ඊයේ(08) පෙරවරුවේ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම්වල සහය ඇතිව කළ මෙහෙයුමකදී සිසුවා ගසෙන් ජය ගඟට වැටුණු ස්ථානයේ සිට කිලෝමීටරයක් පමණ දුරින් ජය තිබී ඔහුගේ සිරුර සොයා ගෙන තිබිණි.
ඉපලෝගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
757 Views
Comments