පෞද්ගලික බසය හා තරඟයට ධාවනය කල ලංගම බසයට යටවුණු යතුරුපැදිකරුට බරපතළයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
02

පෞද්ගලික බසය හා තරඟයට ධාවනය කල ලංගම බසයට යටවුණු යතුරුපැදිකරුට බරපතළයි

පෞද්ගලික බසය හා තරඟයට ධාවනය කල ලංගම බසයට යටවුණු යතුරුපැදිකරුට බරපතළයි

දෙනියායේ සිට කතරගමට ධාවනය වූ කතරගම ඩිපෝවට අයත් මගී ප‍්‍රවාහන බස් රථයක් ප‍්‍රතිවිරුද්ධ දෙසින් ඉදිරියට ධාවනය වූ යතුරුපැදියක ගැටී එම යතුරුපැදිය බසයට යටවීමෙන් දෙබරවැව නගරයේදී සිදුවූ රිය අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු තිස්සමහරාම මූලික රෝහලට ඊයේ (01 දා) උදෑසන ඇතුළත් කර තිබේ.

 

මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා මෙම ලංගම බසයේ රියැදුරු තරගයට බසය ධාවනය කරමින් මඟීන් බස් රථයට නංවා ගනිමින් පැමිණ දෙබරවැව හන්දිය ආසන්නයේ දී ඉදිරියෙන් ධාවනය වූ පෞද්ගලික බසය ඉස්සර කිරීමට යෑමේ දී මෙම රිය අනතුර සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන තිස්සමහාරාම පොලිසිය බස් රථයේ රියැදුරු අත් අඩංගුවට ගෙන තිබේ.

 

ඔහු තිස්සමහරාම මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

views

671 Views

Comments

arrow-up