පළාත් රැසකට අද දිනයේ වැසි - උදෑසන දැඩි මීදුම් තත්වයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

පළාත් රැසකට අද දිනයේ වැසි - උදෑසන දැඩි මීදුම් තත්වයක්

පළාත් රැසකට අද දිනයේ වැසි - උදෑසන දැඩි මීදුම් තත්වයක්

නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

 

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

 

මුලතිවු සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.

 

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

 

මුලතිවු සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ප්‍රධාන වශයෙන් ඊසාන දෙසින් හමා එයි.

 

සුළගේ වේගය පැ.කි.මී.(20-30) පමණ වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

views

655 Views

Comments

arrow-up