AUG
12
නවසීලන්ත මහ කොමසාරිස් අගමැති මහින්ද හමුවෙයි

ශ්‍රී ලංකාවේ පළමු වන නවසීලන්ත මහ කොමසාරිස් වන මයිකල් එඩ්වඩි ඇපල්ටන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇත.
මෙම හමුව ඊයේ (11) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
දෙරට ඇති සහයෝගීතාවය තව තවත් වර්ධනය කරමින් මිත්‍රශීලී රටවල් ලෙස ඉදිරියට යාමටත් කිරි ආශිත දැනුම ශ්‍රී ලංකාවට ලබා දීමටත් නවසීලන්ත මහ කොමසාරිස් කැමැත්ත පළකර ඇත.
841 Views
Comments