කේලම් කියූ ගලදාරී හෝටලයට වැඩ වරදියි - තරු 5හ 1ට බසී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
07

කේලම් කියූ ගලදාරී හෝටලයට වැඩ වරදියි - තරු 5හ 1ට බසී

කේලම් කියූ ගලදාරී හෝටලයට වැඩ වරදියි - තරු 5හ 1ට බසී

ගලධාරී හෝටලය වෙත මේ වන විට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් දැවැන්ත ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

 

ඒ කොළඹ ගාලු මුවදොර ක්‍රියාත්මක කෙරෙන ‘ගෝඨාගෝගම’ ඉවත්කිරීම වෙනුවෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොනු කර ඇති නඩුවේ පොලිසියේ සහයට ප්‍රකාශ ලබා දී ඇති පිරිස අතර එම හෝටලයේ ලොබි කළමණාකරු වන සනත් කුමාර නම් පුද්ගලයාද සිටින බැවින්.

 

ගලධාරී හෝටලයේ අනුදැනුම ඇතිව නඩුව වෙනුවෙන් මෙම පුද්ගලයා සාක්ෂි ලබාදී මෙම ජනතා අරගල භූමිය එම ස්ථානයෙන් ඉවත්කිරීමට ඔවුන් කටයුතු කරමින් පවතිනවා.

 

මෙම අශෝභන ක්‍රියාවට විරෝධය පා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගලධාරී හෝටලයේ නිල ෆේස්බුක් පිටුවට ගොස් එම හෝටලය සඳහා අයහපත් ප්‍රතිචාර (Bad Review) ලබාදී තිබෙනවා.

 

ඒ අනුව ඒ වන විට තරු 5 ක ඉතා හොඳ ප්‍රතිචාර තිබූ එම සමාජ මාධ්‍ය පිටුව තරු 1 දක්වා වේගයෙන් පහළ බැසීම හේතුවෙන් ගලධාරී හෝටලයේ පාලනාධිකාරිය සිය නිල ෆේස්බුක් පිටුව වෙත ප්‍රතිචාර (Review) දැක්වීමේ පහසුකම මේ වන විට අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.

views

854 Views

Comments

arrow-up