කුරුසිය කරින් ගත් විශ්‍රාමික නිලධාරියා කළුතරින් කොළඹට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

කුරුසිය කරින් ගත් විශ්‍රාමික නිලධාරියා කළුතරින් කොළඹට

කුරුසිය කරින් ගත් විශ්‍රාමික නිලධාරියා කළුතරින් කොළඹට

පාස්කු ප්‍රහාරයේ ශාපයෙන් රට ගළවා ගැනීමේ සත්‍ය ක්‍රියාවක් ආරම්භ කරමින් විශ්‍රාමික ආහාර සහ ඖෂධ පරීක්ෂකවරයකු කුරුසියක් කරින් ගෙන ඊයේ (29) උදේ 6.45ට පමණ කළුතර සිට කොළඹට පා ගමනක් ආරම්භ කළේය.

 

කළුතර, පලාතොට, නඳුන් උයනේ පදිංචි කේ. කුවින්ටස් පෙරේරා (61) නම් වූ මොහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වශයෙන් කටයුතු කරමින් සිට පසුව ආහාර සහ ඖෂධ පරීක්ෂකවරයකු වශයෙන් කොළඹ ප්‍රදේශයේ කටයුතු කළ දෙදරු පියෙකි.

 

කළුතර මීසම පාලනාධිපති ලියෝ කැමිලස් හෙට්ටිආරච්චි පියතුමා කළුතර සිරිකුරුස දේවස්තානය ඉදිරිපිටදී මොහුට ආශිර්වාද කරමින් කෙටි යාඥා මෙහෙයක් පැවැත්වීය.

 

කළුතර සිරිකුරුස දේවස්ථානය අභියසින් ආරම්භ වූ පා ගමන නිමවීමට නියමිත, පාස්කු දින පළමු බෝම්බය පිපිරුනු කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තොනි දේවස්ථානයෙනි.

 

කුවින්ටස් පෙරේරා මහතාගේ බිරිඳ වන කළුතර ටෙලිකොම් ආයතනයේ සහකාර කළමනාකාරිණී සේනා මැණිකේ මහත්මිය සහ පුත් ගයාන් විශ්වනාත් ඇතුළු විශාල පිරිසක් මෙම පා ගමනට එක්ව සිටියහ.

views

663 Views

Comments

arrow-up