“උන්මාදය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යාජ පුවත් හැදුවේ කවුද?” - හැමෝම පිස්සුවෙන් වගේ හොයපු, Anonymous හැකර්වරුන් ගැන කියන ඇඟ හිරිවැටෙන ඇත්තම කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

“උන්මාදය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යාජ පුවත් හැදුවේ කවුද?” - හැමෝම පිස්සුවෙන් වගේ හොයපු, Anonymous හැකර්වරුන් ගැන කියන ඇඟ හිරිවැටෙන ඇත්තම කතාව

“උන්මාදය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යාජ පුවත් හැදුවේ කවුද?” - හැමෝම පිස්සුවෙන් වගේ හොයපු, Anonymous හැකර්වරුන් ගැන කියන ඇඟ හිරිවැටෙන ඇත්තම කතාව

Anonymous කියන සුප්‍රසිද්ධ හැකරුවරුන් පිළිබඳව පසුගිය දවස්වල එක්තරා පුවතක් මුහුණු පොතේ බොහෝ සේ ප්‍රචාරය විය.


 
කෙසේ වුවත් මෙහි සත්‍ය අසත්‍යතාවය නොදන්න පිරිස් Anonymous හැකර්වරුන් යමක් සිදුකරාවී කියන බලාපොරොත්තුව ඇතිව අදාළ ‘හෑශ්ටැග්‘ මුහුණු පොතේ හුවමාරු කරගෙන තිබෙණු දක්නට ලැබුණි.

 

කොහොම වුණත් Anonymous සත්‍ය කතාන්දරය ඉංජිනේරු පීඨයේ තරුණයෙකු විසින් මෙලෙස හෙළිදරව් කර තිබුණි.

 

Anonymous_save_srilanka තනිකරම බොරුවකි. 

Anonymous ලා දෙයක් කරන්න කලින් පේජ්වල දාලා හැස්ටැග් ඉල්ලන්නේ නැ. වැඩේ කරලයි පෙන්වන්නේ. සුප්‍රසිද්ධ Anonymous හැකර් කණ්ඩායමේ බොහෝ පිරිසක් මේ වනවිට අත්අඩංගුවේ සිටින අතර මේ වන විට ඔවුන් ක්‍රියාකාරී නොවේ. 

ඔවුන්ගේ නම පාවිච්චි කරන කුඩා කණ්ඩායම් කිහිපයක් අටවාගත්
facebook, twitter, youtube ගිණුම් නම් බෝහෝ ඇත. නමුත් ඔවුන් බාල හැකර් කණ්ඩායම් පමණි.

පැරණි Anonymous කණ්ඩායම නොවේ. ඔවුන්ට ප්‍රසිද්ධියක් ලබාගැනිමට පමණක් ලංකාවේ තත්වය
භාවිතා කරනු ලබයි.


ඔවුන් සහය දක්වන බවට පලවු වීඩියෝව අතිශයින්ම ළාමක වීඩියෝවකි. ඔබ පැරණි Anonymous
කණ්ඩායමේ විඩියෝවක් නැරඹුවහොත් එහි වෙනස අහසට පොළව ලෙස බව වැටෙහෙනු ඇත.

ඉන්පසු පොලිස් වෙබ් අඩවිය ඇතුලු‍ වෙබ් අඩවි වලට ප්‍රහාරයක් එල්ල වු බවට නොඩනැගු පුවත රජය විසින් නිර්මාණය කරන ලද්දකි. 

මේ අවස්ථාවේ මිනිසුන් අතර පැවති Anonymous උන්මාදය ප්‍රයෝජනයට
ගෙන බොරු පුවතක් නිර්මාණය කර නැවතත්  anonymous save sri lanka කරලියට ගෙනාවා පමණි.

*#AnonymousSaveSriLanka යනු මහජනයාගේ වීරෝධයහි focus එක වෙනස් කිරිමට රජය විසින්
මුදල් ගෙවා ආරම්භ කල ව්‍යාපෘතියකි. දැන් අන්තර්ජාලයේ තොරතුරු වලට වඩා දකින්නට ඇත්තේ 5M ගහමු කියා දැක්වෙන පොස්ට් පමණි. 

පාලකයන්ටද අවශ්‍ය එයම වේ. එවිට සැබෑ ප්‍රශ්න යටපත් වේ.
එබැවින් ආණ්ඩුවේ හෙලු‍ව වසාගැනිමට සිදුකරන ව්‍යාපෘතීන්ට රැවටීමෙන් වලකින්න.

 

තත්සර මුණසිංහ
මොරටුව විශ්වවිද්‍යාලය

views

859 Views

Comments

arrow-up