OCT
21
පරිප්පු සහ සුදු සීනි මිල පහළට

පිටකොටුව තොග වෙළඳපොලේ පරිප්පු සහ සුදු සීනි මිල පහළ දමා තිබේ.
ඒ අනුව පරිප්පු කිලෝවක් රුපියල් 25කින් ද සුදු සීනි කිලෝවක් රුපියල් 15කින් ද අඩු කර තිබේ.
ඒ අනුව මෙතෙක් රුපියල් 400ක්ව පැවැති පරිප්පු කිලෝවක මිල රුපියල් 375 දක්වා අඩු වී ඇත.
එසේම රුපියල් 250ක්ව පැවැති සුදු සීනි කිලෝවක මිල රුපියල් 235 දක්වා අඩු වී තිබේ.
230 Views
Comments