ගිනි අවිය පත්තුවී එස්.ටී.එෆ්. සැරයන් අවසන් ගමන් යයි

හපුතලේ විශේෂ කාර්ය බළකායේ නිලධාරියකුගේ ගිනි අවිය රාජකාරි ස්ථානයේදී ක්‍රියාත්මක වීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇතැයි හපුතලේ පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හපුතලේ විශේෂ කාර්ය බළකායට අනුයුක්තව සේවය කරමින් සිටි එන්. ඩී. චන්ද්‍රසේන නමති 54 හැවිරිදි සැරයන්වරයෙකි.
ඔහුගේ හිස කොටසට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහු අත තිබූ ගිනි අවිය කෙසේ ක්‍රියාත්මක වූයේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය කියයි.
සිරුර දියතලාව මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර මරණයට හේතුව සොයා ගැනීමට නියමිත බවද හපුතලේ පොලීසිය පවසයි.
හපුතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
644 Views
Comments