හිජාස්ගේ නඩුවට මාධ්‍යවේදීන්ට දොර වැසේ

අත්අඩංගුවට ගෙන, රඳවා තබාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහි නඩුව 15දා පුත්තලම මහාධිකරණ සංකීර්ණයේදී පැවැත් වූ අතර එම අවස්ථාව ආවරණය කිරීමට අධිකරණ භූමියට ඇතුල් වීමට මාධ්‍යවේදීන් හට අවසර ලබා නොදීමට පොලීස් නිළධාරීන් කටයුතු කොට ඇත.
මහාධිකරණ විනිසුරුවරියගේ උපදෙස් පරිදි මෙම කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායන නීතිය අනුගමනය කරමින් වැඩි පිරිසක් අධිකරණ භූමියට ගත නොහැකි බව පවසමින් මාධ්‍යවේදීන් හට එහි ඇතුළු වීමට අවසර නොදීමට කටයුතු කර ඇත.නමුත් මාධ්‍යවේදීන් හට මෙම දැමූ වාරණය නිසා මේ මගින් ජනතාවගේ තොරතුරු දැන ගැනීම උල්ලංගනය වී ඇති බවත් මාධ්‍යවේදීන්ට එලෙස නීති දැමීමට හැකියාවක් නැති බවත් මේ පිළිබඳව අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පවසති.
මෙම නඩුව ලබන 05දා යළිත් කැඳවීමට නියමිතයි.
770 Views
Comments