තුන ගහනකොට ආසාත්මිකතා සාමාන්‍යයි - බය වෙන්න එපා

කොවිඩ් මර්දනය සඳහා ෆයිසර් තුන්වෙනි එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගත් පසු ඇතිවන සුළු රෝග ලක්ෂණ ගැන බියවිය යුතු නොවන බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය.
ඇය පෙන්වා දෙන්නේ එන්නත ශරීරය තුළ සක්‍රීයවීම නිසා එම සුළු රෝග ලක්ෂණ ඇතිවන බවය.
"ෆයිසර් තුන්වැනි මාත්‍රාව ශරීරයට ඇතුළත් කළවිට දවස් තුනක් පමණ කාලයකට කොවිඩ් රෝගයේ රෝග ලක්ෂණ වගේ සුළු රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඔබට දැනෙන රෝග ලක්ෂණ තමයි ඇඟපත රිදීම, හිසරදය සහ සුළු වමනය ගතියක්. නමුත් ඔබ බිය වෙන්න එපා. මේ එන්නත සක්‍රීයව ශරීරය තුළ ක්‍රියාත්මක වෙන නිසා එන සුළු රෝග ලක්ෂණ විතරයි මෙවා."
685 Views
Comments