බන්ධනාගාර රැඳවියන් බැලීමට නම් e-visit ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කර ගන්න

බන්ධනාගාර රැඳවියන් බැලීමට පැමිණෙන ඔවුන්ගේ සමීපතමයින්ට අන්තර්ජාලය ඔස්සේ දින සහ වේලාවක් කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.prisons.gov.lk වෙබ් අඩවිය වෙත පිවිස e-visit කවුළු හරහා ඊට අදාල දත්ත ඇතුළත් කිරීමෙන් පසු අමුත්තන්ට දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගත හැකියි.
මෙම නව ක්‍රමවේදය දිවයිනේ සියලු බන්ධනාගාර සඳහා වලංගු බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසන්නේ. බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා දින දෙකකට පෙර e-visit ඔස්සේ ලියාපදිංචි විය යුතුයි.
ඉන් අනතුරුව අමුත්තන්ගේ දුරකථනයට අදාළ දිනය සහ වේලාව කෙටි පණිවිඩයක් මගින් ලැබෙනවා.
පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ රැඳවියන්ගේ ඥාතීන් සහ සමීපතමයන් බන්ධනාගාර වෙත පැමිණීමෙන් ඇතිවන තදබදය අවම කිරීම සඳහා මෙම ක්‍රමය ක්‍රියාත්මක කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
643 Views
Comments