අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

අද කාලගුණය

අද කාලගුණය

මාර්තු මස 10, 11 දිනවලදී දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කරන අතර විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින් තැන වැසි ඇතිවිය හැකියි.

 

අද දින රාත්‍රී කාලයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක.

 

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

උදෑසන කාලයේදී දිවයින පුරා තැනින්තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.


ත්‍රිකුණාමලය සිටමඩකලපුව හරහා හම්බන්තොටදක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිතවැසිඇතිවේ.


සුළං ඊසාන සිට නැගෙනහිර දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ. කොළඹ සිට පුත්තලම  හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (45-50) පමණ දක්වා ඉහළ යා හැක.

                       

කොළඹ සිට පුත්තලම  හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

views

73 Views

Comments

arrow-up