AUG
27
ගම්පහ වෙඩිතැබීමට සැකකරුවන් 5ක් අත්අඩංගුවට

පසුගිය 6 වන දා ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාල කාන්තාවක් ඇතුලු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සමත් වී තිබෙනවා.
අදාළ සැකකරුවන් සතුව තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ප්‍රවාහන කටයුතු සඳහා යොදාගත් මෝටර් රථයක් හමුවී තිබෙනවා.
මෙම සැකකරුවන් පෙතියගොඩ, මාකෙවිට සහ කොටුගොඩ ප්‍රදේශවල පදිංචි අවුරුදු 23ත් 39ත් අතර වයස්වල පසුවන්නන්.
217 Views
Comments