ඇනෝනිමස්ලා වැඩ අරඹයි - රජයේ නිල වෙබ් අඩවිය අක්‍රිය කරලා

ශ්‍රි ලංකා රජයේ නිල වෙබ් අඩවිය මේ වනවිට අක්‍රිය වී ඇති අතර එය තමන්ගේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් බව අනොනිමස් (Annonymus) සයිබර් හැකර්වරු පවසති.
සිය ට්විටර් ඇතුළු සමාජ ජාල හරහා පනිවිඩ නිකුත් කරමින් ඔවුන් පවසන්නේ www.gov.lk ශ්‍රි ලංකා රජයේ නිල වෙබ් අඩවිය මේ වනවිට සිය ක්‍රියාදමයන් හේතුවෙන් අක්‍රිය වී ඇති බවය.
ලොව පුරා විසිර සිටින පරිගණක හැකර් ක්‍රියාධරයින් නිවේදනය කළේ ජනාධිපතිවරයාට සහ මෙම පාලනයට විරුද්ධව උද්ඝෝෂණය කරමින් සිටින ශ්‍රි ලකාවේ ජනතාවට සහය පළ කරමින් දූෂිත දේශපාලකයන්ගේ පැටිකිරිය අප්‍රිෙයල් 20 වැනිදා (අද) සිට විවිධ වෙබ් අඩවිවලට ඇතුළු වී හෙළි කරන බව සහ පවතින රජයේ යාන්ත්‍රණයට බාධා කරවන බවය.
අද පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යංශ වෙබ් අඩවියද අකර්මණ්‍ය ව තිබී ඇති අතර එය මේ වනවිටයථා තත්වයට පත්ව ඇත. මේ වනවිට රජයේ නිල නෙබ් අඩවියද යථා තත්වයට පත්කරගෙන ඇත.
මෙම අනෝනිමස් හැකර් ක්‍රියාධරයින් පවසන්නේ අද දිනය තුළ ශ්‍රි ලංකාවේ නිල වෙබ් අඩවිවලට මෙන්ම උගන්ඩාවේ රාජ්‍ය වෙබ් අඩවිවලටද ඇතුළු වීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවය.
707 Views
Comments