අද කාලගුණය - අදත් ප්‍රදේශ රැසකට වැසි

අද (06) දිනයේ දී බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත් වලත් ගාල්ල, මාතර, නුවරඑලිය, මහනුවර යන දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අදාළ ප්‍රදේශවලට ලැබෙන වැසි මිලිමීටර 50ක පමණ තරමක තද වැසි වියහැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මීට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බවත් තවත් පුද්ගලයින් 219027 දෙනෙකු පීඩාවට පත්වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.
මේ අතර අත්තනගලු ඔය, කැළණි ගඟ සහ මා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.
823 Views
Comments