අර්බුදය විසඳීමට එක්වන්නැයි ජනපතිගෙන් සියලු දේශපාලන පක්ෂවලට ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

අර්බුදය විසඳීමට එක්වන්නැයි ජනපතිගෙන් සියලු දේශපාලන පක්ෂවලට ඉල්ලීමක්

අර්බුදය විසඳීමට එක්වන්නැයි ජනපතිගෙන් සියලු දේශපාලන පක්ෂවලට ඉල්ලීමක්

උග්තව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා එක්වන ලෙස සියලු‍ දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභයට රාජපක්ෂ මහතා ඇරයුම් කර තිබේ.

 

සමස්ත රටවැසියන් සහ උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියාකළ යුතුව ඇති බවත් ඒ සඳහා අමාත්‍යධූර බාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙසත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු‍ දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා ඇරයුම් කරන බවත් ජනපති මාධ්‍ය අංශය කළ නිවේදනයේ දැක්වේ.

 

ආර්ථික හා ගෝලීය කාරණා කීහිපයක් හේතුවෙන් වත්මන් තත්ත්වය හටගෙන ඇති බවත් ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ප්‍රධාන රටක් ලෙස ප්‍රජාතනත්්‍රවාදී ව්‍යුහය තුළ ඊට විසඳම් සෙවිය යුතුව ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

එම නිවේදනය පහතින්...

 

views

615 Views

Comments

arrow-up