කාබනික වගාව පිළිබඳ පර්යේෂණ ඉහළ දැමේ

කාබනික වගාව පිළිබඳව සිදුකරන පරීක්ෂක ප්‍රමාණය ඉහළ දැමීමට ජාතික වී පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.
මෙම පරීක්ෂණ අතර කොම්පෝස්ට් පොහොර වල ඇති නයිට්‍රජන් ප්‍රමාණය වැඩි කර ගැනීමට අදාළ පරීක්ෂණ ද වන බවයි බතලේගොඩ වී පර්යේෂණ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත බණ්ඩාර සේනානායක මහතා සඳහන් කළේ.
මීට අමතරව රසායනික පොහොර සමග භාවිතා කිරීමට සැකසූ බීජ කාබනික වගාව යටතේ වගා කිරීමට ඇති යෝග්‍යතාව පිළිබඳව ද පර්යේෂණ කරනු ඇත.
එමෙන්ම පළිබෝධ පාලනය සදහා කාබනික ක්‍රමෝපායන් භාවිත භාවිතා කිරීම පිළිබඳව මේ වන විටත් පර්යේෂණ ආරම්භ වී තිබෙනවා.
776 Views
Comments