Facebook ආරවුල දුරදිග ගොස් පුද්ගලයින් දෙදෙනෙකු කුරුසයේ තබා ඇණ ගසයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

Facebook ආරවුල දුරදිග ගොස් පුද්ගලයින් දෙදෙනෙකු කුරුසයේ තබා ඇණ ගසයි

Facebook ආරවුල දුරදිග ගොස් පුද්ගලයින් දෙදෙනෙකු කුරුසයේ තබා ඇණ ගසයි

මුහුණුපොත ඔස්සේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පිරිසක් විසින් තවත් පුද්ගලයින් දෙදෙනකු පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වදහිංසා පැනවීම සම්බන්ධයෙන් බලගොල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

සැකකරුවන් විසින් එම පුද්ගලයින් දෙදෙනාව නිවසට ගෙන්වා පසුව අම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් කුරුසයේ තබා ඇණ ගසන ආකාරයට අමානුෂික ලෙස ඇණ ගසා තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

 

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ 30 හැවිරිදි දුෂ්මන්ත නමැති දේවාලයක් පවත්වාගෙන යන අයෙකි. ඔහුට තවත් පිරිසකගේ සහය ලැබුණු බවට ද මේ වන විට විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

 

සැකකරුවන් මේ වන විට අතුරුදහන් වී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

views

1205 Views

Comments

arrow-up