මංකොල්ලයක් අතරතුර පොලිසිය තැබූ වෙඩි පහරින් කොල්ලකරුවෙකු මරුට

ජංගම දුරකථන අඩු මුදලට විකුණන සොරුන් කණ්ඩායමක් සහ එය මිලදී ගැනීමට මෝටර් රථයකින් පැමිණි හතර දෙනෙකුට කඩුවලින් පහර දෙන බවට පොලිසියට ලද තොරතුරක් අනුව නාරම්මල වේරගල ප්‍රදේශයට පැමිණි පොලිසියට සොරු කණ්ඩායම විසින් පහර දීමට ගිය අවස්ථාවේදී සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මිය ගොස් ඇතැයි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
ජංගම දුරකථනය මිලදී ගැනීම සඳහා මෝටර් රථයෙන් පැමිණි සිව් දෙනෙකු කඩු ප්‍රහාර වලට ලක්ව රෝහල් ගත කර ඇති බවද උසස් නිලධාරියා පැවසීය.
facebook සමාජ මාධ්‍යයේ පළකර තිබූ දැන්වීමකට අනුව වටිනා ජංගම දුරකථනයක් අඩු මුදලට ලබා ගැනීම සඳහා නාරම්මල වේරගල ප්‍රදේශයට පුද්ගලයන් හතර දෙනෙකු මෝටර් රථයකින් ඊයේ අලුයම පැමිණි තිබේ.
එම අවස්ථාවේදී සොරු කණ්ඩායම විසින් ජංගම දුරකථනය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් වේරගල ප්‍රදේශයේ කැලෑ ප්‍රදේශයකට කැඳවාගෙන ගොස් මුදල් කොල්ලකෑමට සැරසී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පසුව දෙපිරිස අතර ඇතිවූ ආරවුලකදී සොරු කණ්ඩායම රැගෙන ආ බව කියන කඩුවලින් මෝටර් රථය පැමිණි පුද්ගලයන්ට පහරදී ඇති බව පොලිසිය කියයි
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන්ට කඩුවලින් පහර දෙන බවට පොලිසියට ලද දුරකථන ඇමතුමකට අනුව නාරම්මල පොලිසිය සහ පොල්ගහවෙල පොලිසිය එම ස්ථානයට ගිය අවස්ථාවේදී සොරු කණ්ඩායම පොලිසියටද පහර දීමට ගොස් ඇති බව උසස් නිලධාරියා කීය
එම අවස්ථාවේදී සොදු කණ්ඩායම පාලනය කිරීම සඳහා සිදුකළ වෙඩි තැබීමකදී සොරු කණ්ඩායමේ එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.
කඩුවලින් පහර කෑමට ලක් වූ මෝටර් රථය පැමිණි පිරිස තුවාල ලබා රෝහල් ගත කර තිබේ .
නාරම්මල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
240 Views
Comments