අධි ආරක්ෂිත පක්ෂීන් සහ වන සතුන් 48ක් ළඟ තබාගත් පුද්ගලයින් දස දෙනෙකුට දඩ

මාතලේ වනජීවි කාර්යාලය සුගිය මාසයේදී මාතලේ දිස්ත්‍රික්කය තුළ සිදුකළ වැටලීම් වලින් කුරුල්ලන් සහ වන සතුන් ළඟ තබාගැනීමේ වරදට පුද්ගලයින් දසදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
වනසත්ව සහ රුක්ෂලතා ආරක්ෂණ පනතේ අධි ආරක්ෂිත කුරුල්ලන් සහ වන සතුන් 48ක් ඔවුන් සතුව තිබී වනජීවී කාර්යාලය භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් දසදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් හය ලක්ෂ අසූ දහසක දඩ මුදලක් නියම කෙරුණා.
ඔවුන් ළග තබාගෙන සිටි අධිආරක්ෂිත වනසතුන් වන මීමින්නෙක්, වලි කුකුළන් 2දෙනෙක්, තාරකා ඉබ්බෙක්, අළු කෑදැත්තෙක්, ලබු ගිරවුන් 17ක්, අලු ගිරවුන් 11ක්, කොණ්ඩ කුරුල්ලන් 2 ක්, කහ කුරුල්ලන් 2ක්, සැළලිහිණියන් 5ක් සහ මයිනන් 4ක් මෙලෙස වනජීවි කාර්යාලය භාරයට ගෙන තිබෙනවා.
860 Views
Comments