නවාතැනේ සිටි රුසියන් ජාතිකයා අභිරහස් ලෙස මියයයි

වැලිගම, වල්ලිවල ප්‍රදේශයේ පෞද්ගලික නවාතැන් පළක නැවතී සිටි අවුරුදු 36 ක් පමණ වයසැති අවිවාහක රුසියානු ජාතිකයකු මරණයට පත්ව ඇති බව වැලිගම පොලිසිය පවසයි.
ඉකුත් 26 දා රාත්‍රී ඔහු සිය නවාතැන් පළෙහි කාමරයට ගිය පසුව නැවත පෙරේදා (27) සවස් වන තුරු එළියට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ මිත්‍රයෙකු කළ විපරමේදී එම රුසියානු ජාතිකයා ඇඳ මත උඩුබැලි අතට වැටී සිටිනු දැක නවාතැන් පළෙහි හිමිකරු දැනුවත් කර ඇත.
පසුව ඔවුන් පොලිස් හදිසි ඇමතුම් අංශයට (119) මේ බව දැනුවත් කිරීමෙන් අනතුරුව වැලිගම පොලිසියේ නිලධාරින් පැමිණ කළ පරික්ෂාවේදී විදේශීය ජාතිකයා මියගොස් ඇති බවත් ඔහුගේ වම් අතෙහි ජංගම දුරකථනයක්ද තිබූ අතර කටින් සෙම වහනය වී තිබූ බව පොලිසිය ප්‍රකාශ කරයි.
මාතර පොලිස් සොකෝ අංශයේ නිලධාරීන් කැඳවීමෙන් පසු කරන ලද පරීක්ෂණවලින් අනතුරුව වැලිගම නාගරික මරණ පරීක්ෂකවරයාගේ නියමයෙන් දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා මාතර මහ රෝහලට යවා ඇත.
194 Views
Comments