නින්දට පෙර මී පැණි ආහාරයට ගැනීමෙන් සිදු වන වාසි

එදිනෙදා ජීවිතයේදී සෙම්ප්‍රතිශ්‍යාවට එරෙහිව සටන් කිරීමට මෙන්ම රූපලාවණ්‍යයේදී සමේ තෙතමනය රදා පවත්වා ගැනීමටත් මී පැණි භාවිතා කළ හැකි බව අප බොහොමයක් දෙනා හොඳින් දන්නා කරුණකි. එහෙත් විශේෂඥයින් එය සුපිරි ආකාරයක් ලෙස හදුන්වන බව ඔබ දන්නවාද?
විවිධ ආහාර වර්ග සමග සංයෝජනය කිරීමෙන්ද රසවත් බව හා සෞඛ්‍ය සම්පන්න බව වැඩි කර ගැනීමට හැකි බව ඔවුන් පෙන්වා දෙයි. නින්දට පෙර මී පැණි හැන්දක් පමණ ඔබේ ශරීරයට ලබා දීමෙන් කෙටි කාලයකදී විශ්මිත ලෙස ශරීරයෙහි වෙනස්කම් ඇතිකරන්නට සමත්වේ. මේ ඒ පිළිබඳවයි.
> හොඳ නින්දක් ලබා ගැනීම
මී පැණි තුළ ට්‍රිප්ටොෆාන් නම් වූ හෝමෝනය පෝෂ්‍ය පදාර්ථයක් ලෙස අඩංගු වන අතර එයින් ඔබට සුවපහසු ලෙස නින්දක් ලබා ලබා ගැනීමට හා ශරීරය ලිහිල් කිරීමට උපකාරී වේ. එසේම අප ශරීරයට අවශ්‍ය ඇමයිනෝ අම්ලයද මී පැණි වැනි ආහාරයකින් නිසියාකාරව ලබා ගත හැක. බොහෝ විට අප රාත්‍රී නින්දෙන් අවදි වීම සිදු වේ. මෙයට හේතු වන්නේ අපගේ මොලයට අවශ්‍ය ග්ලයිකොජන් නම් ද්‍රව්‍යයක්ද වකුගඩු වලට හා අධි වෘක්ක ග්‍රන්ථි වලට ඇඩ්‍රිනලින් හා කොටිසෝල් පිටකිරීමට පොළඹවන අතර එහිදී ඔබට නිසියාකාරව නිදාගැනීම කෙරෙහි බාධා ඇති කරයි. වාසනාවකට මෙන් මී පැණි වල ග්ලයිකොජන් අඩංගු වේ. ඒනිසා එයින් ඇඩ්‍රිනලින් තත්වය වළක්වා හොඳ රාත්‍රී නින්දක් ලැබේ.
> අධි රුධිර පීඩනය වැළැක්වීම
අධි රුධිර පීඩනය හෘද රෝග ඇතිවීමට සැලකිය යුතු ලෙස බලපාන සාධකයක් බැවින් එය මධ්‍යස්ථව හා ස්ථාවරව තබා ගැනීම තුළින් හෘද සංකූලතා වළක්වා ගැනීමට හැකියාව ඇත. මී පැණි වල ඇති ප්‍රතිඔක්සිකාරක සංයෝග අඩංගු වන බැවින් අධි රුධිර පීඩනය අවම කරන බව පර්යේෂණ මගින් සොයා ගෙන ඇත.
> රුධිරයේ ඇති ට්‍රයිග්ලිසරයිඩ අවම කිරීම
" ට්‍රයිග්ලිසරයිඩ් " යනු රුධිරයේ අඩංගු මේද වර්ගයකි. මී පැණි රුධිරයේ මෙම අනවශ්‍ය මේදය පිරිසිදු කර හරී.
> ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීම
මී පැණි යනු ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිබැක්ටීරීය කාරකයකි. එබැවින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට උපකාරී වන අතරම බැක්ටීරියා, දිලීර හා බොහෝ වෛරස් හා ක්ෂුද්‍ර ජීවීන් නිසා ඇතිවන ආසාදන වලට එරෙහිව සටන් කරමින් ඔබව ශක්තිමත් කිරීමට මී පැණි සමත් වේ.
> ශරීරයෙහි මේදය දහනය මී පැණි වලින් වෙහෙසකින් තොරව ඔබගේ ශරීරයෙහි මේදය දහනය කරයි.
> කැස්සෙන් සහනය මී පැණි මේස හැන්දක් උණුසුම් ජලය සමග මිශ්‍ර කර සෑම රාත්‍රියකම භාවිතා කිරීමෙන් ඔබගේ උගුරේ ඇතිවන අපහසුතාවයන් හා කැස්ස ගතිය මගහරවා ගත හැකි අතර එය හොඳ ප්‍රතිජීවකයකි.
> වයස්ගත ස්වරූපය අවම කිරීම කෙනෙකුට වයසට යාමේ ස්වරූපය මන්දගාමී කිරීම සඳහා හොඳම හා ස්වාභාවික ක්‍රමයක් වශයෙන් මී පැණි රාත්‍රියට භාවිතා කිරීම සුදුසුයි. ඔබේ සමටද ආලේප කිරීමෙන් මොයිස්චරයිසින් හා පෝෂණයක් ලබාදීමට මී පැණි වල ගුණාත්මක භාවයට හැකි වේ.
> මානසික ආතතිය නැති කිරීම
පොලිපෙනෝල් ලෙස හදුන්වන රසායනිකයක් තුළින් ඔබගේ මොළයේ සෛල තුළ ඇති ආතතිය නැති කිරීමට හේතු කාරක වේ. එම රසායනිකය මී පැණි වල අඩංගු වන අතර ඔබගේ මානසික සෞඛ්‍ය ආරක්ෂා කරගනිමින් ආතතිය නැති කිරීමට සමත් වනු ඇත.
ඔබත් මී පැණි භාවිතා කරනවාද? එසේ නොමැති නම් ඉහත කරුණු සඳහා මී පැණි භාවිතා කර ඔබගේ අදහස් අපට යොමුකරන්න
672 Views
Comments