දරුවන්ට උගන්නන්නම රූපවාහිනී නාලිකා 6ක් ලබන සතියේ සිට ඇරඹේ

මේ වන විට අතරමග නැවතී ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා නව රූපවාහිනී නාලිකා 20ක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙහි ආරම්භක පියවරක් ලෙස නාලිකා 6ක් එළඹෙන සතිය තුළ ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.
මෙම වැඩසටහන ජාතික අධ්‍යාපන ආයතනය මැදිහත්වීමෙන් සිදුකරන අතර ඒ සඳහා අවශ්‍ය පටිගත කිරීම් 7000ක් පමණ මේ වන විට ද සිදුකර අවසන්ව ඇති බවයි වාර්තා වන්නේ.
1010 Views
Comments