ශානි ඇතුළු තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාරයට

සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ අනිකුත් සැකකරුවන් දෙදෙනා ලබන 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා.
ශානි අබේසේකර සමඟ තව දුරටත් රිමාන්ඩ් බාරයේ ලැබෙන්නේ පොලිස් පරීක්ෂක මෝහණ මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක යන සැකකරුවන් දෙදෙනායි.
ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනා පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නොහැකි බව බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.
665 Views
Comments