ඖෂධ නිෂ්පාදන කලාපයක් හම්බන්තොට ස්ථාපිත කෙරේ

හම්බන්තොට ආරබොක්ක වතුයායේ ඖෂධ නිෂ්පාදනය සඳහාම වෙන් වූ කලාපයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා. එම ප්‍රදේශයේ අක්කර 400 ක භූමි ප්‍රමාණයක ලෝකයේ ප්‍රධාන ඖෂධ නිෂ්පාදන සමාගම් ආකර්ශනය කරගැනීමට හැකි වන පරිදි නවීන පහසුකම් සහිතව මෙම ඖෂධ නිෂ්පාදන කලාපය ස්ථාපිත කිරීමට සැලසුසම් කෙරෙණු ඇති.
එම ව්‍යාපෘතියෙහි පළමු අදියර ලෙස අක්කර 200 ක් තුළ ඖෂධ නිෂ්පාදන සමාගම් 20 ක් පිහිටුවීමට නියමිතයි. එමෙන්ම දෙවන අදියර ලෙස තවත් අක්කර 200 ක් තුළ සෙසු ඖෂධ සමාගම් 20 පිහිටුවීමටත් කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.
689 Views
Comments