බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදනාගාරයට සීල් තබයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදනාගාරයට සීල් තබයි

බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදනාගාරයට සීල් තබයි

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ නාගොඩ, වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයට ඊයේ මුද්‍රා තබා ඇත.

 

මෙන්ඩිස් සමාගම ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළ 3%ක අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් සුරාබදු ආඥා පනතේ නෛතික විධිවිධාන ප්‍රකාරව එහි මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ සිට අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබුණි.

 

එම නියෝගය ප්‍රකාරව සුරාබදු දෙපාර්තමේන්තුවේ ජාඇළ සහ ගම්පහ සුරාබදු අධිකාරීවරුන් හා නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මුද්‍රා තැබීම සිදු කර ඇත.

views

168 Views

Comments

arrow-up