ඇපල් ගණන් වැඩියි ද එහෙනම් ලංකාවෙම හැදෙන කොළ ඇපල් මසන් කමු

වර්තමානයේ මෙරට පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඇපල් ඇතුළු පළතුරු වර්ග රැසක මිල ද ඉහළ ගොස් තිබේ.
ඇපල් ගෙඩියක මිල ද බොහෝ සෙයින් ඉහළ ගොස් තිබෙන පසුබිමක තඹුත්තේගම කෘෂි ව්‍යාපාරිකයෙක් ඊට කදිම විසඳුමක් සොයා ගෙන තිබේ.
වසර 13ක පමණ කාලයක් ගෙන ගිය පර්යේක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස වැඩි දියුණු කළ මසන් ප්‍රභේදයක් මගින් කොළ පැහැති ඇපල් මසන් වගාවක් සාර්ථක කර ගැනීමට ඔහු සමත් වී ඇත.
කොළ ඇපල්වලට හැඩයෙන් සහ රසයෙන් ද ඉතා සමාන මෙම ඇපල් මසං ප්‍රභේදය නිර්මාණය කර ඇත්තේ මචන් ප්‍රභේදයක් වැඩිදියුණු කිරීමක් වශයෙනි.
මෙම ඇපල් මසන්වල පළමු අස්වැන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඔහු පිළිගන්වා තිබේ.
357 Views
Comments