මූල්‍ය අරමුදලේ සහය දෙන්න කොන්දේසියක් - නියෝජිතයින් පීඩාවට පත් ජනතාව ගැන කණස්සල්ලෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

මූල්‍ය අරමුදලේ සහය දෙන්න කොන්දේසියක් - නියෝජිතයින් පීඩාවට පත් ජනතාව ගැන කණස්සල්ලෙන්

මූල්‍ය අරමුදලේ සහය දෙන්න කොන්දේසියක් - නියෝජිතයින් පීඩාවට පත් ජනතාව ගැන කණස්සල්ලෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ණය තිරසාර මට්ටමකට පත්කර ගතහැකි බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත.



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි මහතා මේ බව රොයිටර් පුවත් සේවයට පවසා ඇත.



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය පසුගිය අඟහරුවාදා (19) ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග ණයදීමේ විකල්ප සහ ප්‍රතිපත්ති සැලසුම් පිළිබඳව සාකච්ඡා කළ බවද නොසාකි මහතා පවසා ඇත.



ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසදීමට සහ හැකි ඉක්මනින් ආර්ථිකය තිරසාර වර්ධන මාවතකට ගෙන ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය දක්වන වැඩසටහනක් සැලසුම් කළ යුතු බවද ඔහු සඳහන් කර තිබේ.



ගෙවුම් ශේෂ ප්‍රශ්න සඳහා හදිසි සහාය අවශ්‍ය රටවලට ලබාදෙන කඩිනම් මූල්‍ය පහසුකමක් ශ්‍රී ලංකාවේ මුදල් ඇමැතිවරයා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇත.



ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය ගැන මෙන්ම ශ්‍රී ලංකාවේ දුප්පත් සහ පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබඳව මූල්‍ය අරමුදල කණස්සල්ලට පත්ව සිටින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වැඩිදුරටත් පවසා ඇත.

views

662 Views

Comments

arrow-up