සැණකෙළියක් අතරතුර සිදුවූ නොසිතූ අනතුරින් දෙදෙනෙකුට තුවාල

දෙහිඕවිට ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පැවති සැණකෙළියක් අතරතුර සිදුවූ අනතුරකින් 11 හැවිරිදි ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
කතුරු ඔංචිල්ලාවක බක්කියක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
කඩා වැටුණු බක්කිය තුළ සිටි 51 හැවිරිදි පුද්ගලයෙකු සහ 11 හැවිරිදි ළමයෙකු අනතුරින් තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඕවිට පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
104 Views
Comments