11000ක් අල්ලස් ගත් තැපැල් සේවකයා අවුරුදු 28ක් හිරේට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
10

11000ක් අල්ලස් ගත් තැපැල් සේවකයා අවුරුදු 28ක් හිරේට

11000ක් අල්ලස් ගත් තැපැල් සේවකයා අවුරුදු 28ක් හිරේට

විදේශයක සිට මෙරටට ගෙන්වන ලද ආරක්ෂිත කැමරා තොගයක් බදු අය කිරීමකින් තොරව නිදහස් කිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 11000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල සහායකයකුට බරපතල වැඩ සහිත වසර 28ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර 07 කින් ගෙවී යා යුතු බව නියෝග කළේය.

 

ඊට අමතරව විත්තිකරුට රුපියල් 31000 දඩයක් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශය කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ප්‍රකාශ කළේය.

 

2016 වසරේ සැප්තැම්බර් මස 19 වැනිදා ආනයනය කළ සීසීටීවී කැමරා කට්ටල 30 ක් බදු අය කිරීමකින් තොරව නිදහස් කිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 11000 ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණි.

 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවයි.

 

ඒ අනුව විත්තිකරුට මෙම දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.

views

111 Views

Comments

arrow-up