MAY
31
හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේත් ගුටි කෙළියක් (VIDEO)

හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ අද පැවති මාසික රැස්වීමේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
එම ප්‍රාදේශීය සභාවේ පාලන බලය හිමි වන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. වසංගත තත්ත්වයට අදාළ යෝජනා කිහිපයක් සම්මත කරගැනීමෙන් අනතුරුව අදහස් ප්‍රකාශ කර ගැනීමේදී මෙම ගැටුම්කාරී තත්වය ඇති වී තිබේ.
ඇතිවූ ගැටුමේදී තුවාල ලද හොරෝපතාන ප්‍රාදේශීය සභාවේ සභාපති චාරුක උදයංග විජයරත්න මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු තිදෙනකු විසින් තමාට පහර දුන් බවට පැමිණිලි කරමින් රෝහල් ගතවූ බවද වාර්තාවේ.
source: adaderana
759 Views
Comments