මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් පළවූ පුවත ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් පළවූ පුවත ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් පළවූ පුවත ගැන මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

අලුතින් මුදල් මුද්‍රණය කළ බවට පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

 

එහි දැක්වෙන්නේ, විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් අච්චු ගැසූ බවට පළවී ඇති වාර්තා පදනම් විරහිත ඒවා බවය.

 

අදාළ නිවේදනයේ දැඩිදුරටත් දැක්වෙන්නේ,

මහ බැංකුව විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් වේ. විවෘත වෙළෙඳපොළ කටයුතු සිදු කරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා වන අතර, එය හුදු මුදල් අච්චු ගැසීමක් ලෙස ලඝු කොට දැක්විය නොහැකිය.

එමඟින් රජයේ අයවැය මූල්‍යනය සඳහා මුදල් අච්චු ගැසීමක් හෝ අනිසි ලෙස මුදල් නිකුත් කිරීමක් කිසිසේත්ම සිදුවී නොමැති අතර, මෙහිදී සිදුවී ඇත්තේ මහ බැංකුවේ මිල ස්ථායීතාව පිළිබඳ අරමුණු ළඟාකර ගැනීම සඳහා සිදු කරන සාමාන්‍ය ක්‍රියාවලියක් පමණි.

පහත සඳහන් වාර්තාවේ පළවී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන සාමාන්‍ය විවෘත වෙළෙඳපොළ කටයුතුවලදී ක්‍රියාත්මක කරන වෙන්දේසි සහ මුදල් මෙහෙයුම් කටයුතු පිළිබඳවය.

views

159 Views

Comments

arrow-up